October 22, 2018
+94 777 818 717 / +94 727 818 717

ලිපි එකතුව

දියුණු වීමේ ජ්‍යෝතිෂ රහස්

ගුප්ත විද්‍යා තුළ ඇති බලය මහා පුදුම සහගතය. මේ ලෝකේ සියලුදෙනා දියුණු වී සිටීමට කැමති නිසා අපි විවධ රැකියා ව්‍යාපාර කටයුතු කරයි. නමුත් කෙනෙකු ඒ ව්‍යාපාරයේ ඉහළටම යනකොට තව කෙනෙකු  මැද කොටසේ සිටියි. අනෙකා පහළටම වැටේ. හේතුව කුමක්ද? එන්න මුසු වන්න අප සමඟ දියුණුවේ දොරටුව ඔබටම විවර කරගත හැකිය.

ඔබ තුල ඇති සුවිශේෂී බලා තුල සැඟවුණු ගුප්තමය බලය තුලින් වැඩගන්නා ආකාරය හා ධන දොරටු විවෘත වන ආකාරය අපි පහදා දෙන්නෙමු. 

පොරොන්දම් පරික්ෂාව

නිසි කල වයස ළඟ අපේ බලාපොරොත්තුව නේද? විවාහය කොපමණ සුන්දර ආදරය  පිරුණු දෙයක්ද  මෙය? නමුත් අද බොහෝ දෙනා  විවහය ළඟ බියෙන් පොරොන්දම් බල බලා ඇවිදිති. නැතිනම් ඔබේ ආදරය ළඟ කවුරුන් හෝ කීවාද පොරොන්දම් නොගැළපෙන බව. ලස්සන ජීවිතය සුන්දර විවාහය ළඟ කටුක ලෙස ඔබ තැවේද? එන්න අපි ළගට දෙදෙනාගේ ගැලපීම්, නොගැලපීම් එකමුතු බව ගතිගුණ අතරතුර ඇති වන ගැටළු දරුඵල ආයුෂ සියල්ල පහදා දෙන්නෙමි. ඔබ නොගැලපේනම් පුද පූජා ශාන්ති කර්ම තුලින් අපි විකල්ප සොයමු. සුබඵල නැකත් ලබා දෙන්නෙමු. තවද ඔබට අවශ්‍යය සහකරු, සහකාරිය තවම මුණගැසී නොමැතිනම් අපගේ මංගල සේවාව තුලින් සහකරු, සහකාරිය සොයා දෙන්නෙමු.

  • පොරොන්දම් පරීක්ෂණනැකත් පත් සෑදීම.
  • විවාහයේ සුබඵල ලබා ගැනීම සඳහා පුද පූජා ශාන්තිකර්ම.
  • මංගල අෂ්ඨක කීම.

මැණික් පැළදීම

නූතනයේ බොහෝ දෙනා ශාන්ති කර්ම ලෙසද, විලාසිතාවක් ලෙසද, දියුණුව අපේක්ෂාවටද මැණික් පළදි. බොහෝවිට කේන්ද්‍රය බලා ඇතිවන්නා වූ බාධක ජය ගැනීමට මැණික් පැළදීම සිදු කරයි.

සිතන්න මදක්…

කේන්ද්‍රයේ සුභ ග්‍රහයාට සමහරු ගල් පළදි. තවකෙකු ලබා ඇති මහා දසා  අතුරු දසා වෙනුවෙන් ගල් පලදති. ඇත්තටම මෙහි සත්‍ය කුමක්ද? මතක තබා ගන්න හැමෝටම නවග්‍රහ මුදු පැළදීම ගැලපෙන්නෙත් , නිවැරදිවන්නෙත් නැත. ඔබ පළදින මණික ඇත්තටම සුබ ඵල ගෙන දෙන්නක්ද? ගල පැළදීමට සුබ වෙලාවක් අවශ්‍යද? එය ජීවාන් කොට සකස් කරගත යුතු විධි නියමයන් ඔබ දන්නෙහිද?

සිතන සිතන අයුරින් කියන කියන පරිදි හැමෝටම මැණික් ගල් පළදින්න බැහැ. පැලදුවත් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. මේකට සාත්තර නියමයක් තිබෙනවා. අප ඔබට කියා දෙන්නම්. එහි වූ අපුර්වත්වය මගින් ඔබේ දිවිය සාර්ථක වන අයුරු,  මනා පුහුණුවකින් යුත්  උපදේශක මඩුල්ලක් තුලින් විස්වාසවන්ත අයුරුන් අප කර දෙන්නෙමු. 

Contact Us

Address :  Narampola road , Thorayaya, Kurunegala, Sri Lanka.
Email : [email protected]
Viber / Imo / Whatsapp : +94 777 818 717

[email protected] All Rights Reserved.